ඊයේ හිමිදිරියේ තම පුතුට පිහියකින් ඇන මරණයට පත් කිරිමට උත්සහ ගත් මවක් පසුව ගෙල වැලලාගෙන මියයාමේ පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්ථා වේ.
මෙලෙස සියදිවි හානිකරගෙන තියෙන්නේ කේ. සාගරිකා නැමැති දෙදරු මවක්, ඇගේ ස්වාමියා පවුලෙන් වෙන්වී වෙනම දිවි ගෙවා ඇති අතර ඇය තම 12 හැවිරිදි දියණිය හා 4 හැවිරිදි පුතු සමඟ වෙනම වාසය කර ඇත.
තම සොයුරාට මවගෙන් එල්ල වූ ප්‍රහාරය දැක බිය වූ දියණිය ගෙදරින් දිව ගොස් සිය මිත්තනියගේ නිවසේ සැගවි ඇත. ප්‍රහාරයට ලක් වූ දරුවා මෙ වන විට සැත් කමකට භාජනය කොට වතුපිටිවල රෝහලේ සුවය ලබමින් සිටි.
සිය ජීවිතය පිළිබඳව කලකිරී සිය දරුවන්ගේ ද දිවි තොර කිරීමට තැත් කර දිවි හානිකරගත් කේ. සාගරිකා , සිය දින පොතේ මෙසේ ද සටහන් කර තිබුණි.
”මම කාට දුන්න ගින්දරක් ද? මේ පත්තු වුණේ. හිතේ තියෙන වේදනාව දරාගෙන ඉන්න අමාරුයි. ඒත් ඒ දුක විදගන්නම වෙනවා. මේ විදවීම කවදානම් ඉවර වෙයි ද?”
Post a Comment