අප වෙබ් අඩවිය යාවත්කාලීන කරන කාලය අතරතුර ඔබට සිදුවන අපහසුතාවයට අපගේ කණගාටූව !

0

බාලවයස්කාර දැරියක අපයෝජනය කර ගැබිනියක් බවට පත්කළේ යැයි අධිචෝදනා ලබා සිටි විත්තිකරුවෙකු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඊයේ (24දා) නියෝග කළාය. මෙලෙස නිදහස් කෙරුණේ මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අපයෝජනයට ලක්වූ දැරිය ප්‍රසූත කළ දරුවාගේ ඩී.එන්.ඒ වාර්තාව සැලකිල්ලට ගනිමින් විනිසුරුවරිය සැකකරු නිදහස් කළාය. පැමිණිලිකාර දැරිය පසුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, තමාට විත්තිකරු සමග ප්‍රේම සම්බන්ධතාවක් තිබුණද තමා අපයෝජනය කළේ තම සහෝදරයා බවයි. මේ සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කළ අවස්ථාවේදී තමන්ට තර්ජනය කර මෙම අපරාධය සිදුවූයේ අදාළ විත්තිකරුගෙන් බවට පොලීසියට පවසන්න යැයි බලපෑම් කළ බවද දැරිය ප්‍රකාශ කළාය. පසුව විනිසුරුවරිය දැරියගේ සහෝදරයා අත්අඩංගුවට ගන්නා ලෙසද නියෝග කළාය.

තිසර සමල් - එප්පාවල
Next
Newer Post
Previous
This is the last post.

Post a Comment